හිත ගාව මුමුණන කවි පද.... කීවාට දොස් නැත ඔබ හට.... පවසන්න සිත් සෙවනට..... දැනුනාම සිත් කවි පද....
Thursday, December 29, 2011
ඔයාට මතකද ............
ඔයාට මතකද ආදරේ පුරෝලා ඔයා හිනාවෙනකොට මම බිම බලාගත්ත හැටි....ඔයාව නොදැක්කා වගේ අහක බලන් ගියපු හැටි.....ඔයා දිහා බලලා හිනා වෙන්න ඔනේ වුනත් මම හරි බයෙන් උන්නේ....ඇත්ත්මයි යාලුවොනම් මට කිව්වේ...ඔය හරි පැනියා කියලා.....එහෙම කියන කොට මට ගොඩාක් තරහ ගියා..ඔයා දන්නවද ඒ ඇයි කියලා.....ඔයා දැක්ක දවසේ ඉදන් මගේ හිත හැමදාම ඔයා මගේ වුනානම් කියලා මට වද දෙන්න පටන් ගත්තා...හරි පුදුමයි නේද....අහම්බෙන් මගේ ජීවිතේට ආපු ඔයා අද මගේ මුලු ජීවිතේම අයිති කරගෙන....මමත් මගේ මුලු ජීවිතේම ඔයාගේ ඇස් දෙකෙන් තියලා ඔහේ කිරිල්ලියක් වගේ සතුටින් ඉන්නවා...අද අපේ ජීවිතේ වටිනාම දවස...ඔයා එහෙම කිව්වට ..මටනම් මගේ ජීවිතේ වටින දවස ඔයා මගෙන් ඔයාගේ වෙන්වද කියලා අහපු ද්වස..තාමත් මට හීනයක් වගේ....ඇත්ත්මයි...එක හීනයක් නෙමේ කියලා දැනෙනකොට....මේ පුන්චි හිතට දැනෙන සතුට කියාගන්න තාමත් මම දන්නේ නෑ...ඒත් එක දෙයක් දන්නවා මට ඔයා නැතුව මගේ ජීවිතේ එකම එක ත්ත්පරයක්වත් ගෙවාගන්න බැරි වෙයි....ආදරෙයි හැමදාම...ඔව් ගොඩක්...
Subscribe to:
Post Comments (Atom)

lassanai
ReplyDeleteඑක පපට්ට
ReplyDelete