හිත ගාව මුමුණන කවි පද.... කීවාට දොස් නැත ඔබ හට.... පවසන්න සිත් සෙවනට..... දැනුනාම සිත් කවි පද....
Thursday, December 29, 2011
..ඔයා ගොඩක් තනි වේවී....
කෑ ගහලා අඩන්න ඔනේ වෙලාවල් වලදිත්..හිනා වුන හින්දා වෙනැති මට වැරදුනේ..මුලු ලෝකෙම ඔයාට වරද්දනකොට....හිනා වෙලා ඔයාට ඒ වැරදි කියලා දුන්නා හින්දා වෙනැති මට වැරදුනේ...මහ ලොකුවට ඔයා ගාව ඉන්න ඔය එක්කෙනෙක්වත් ඔයා ගාව ඉන්නේ නෑ කියලා කියපු හින්දා වෙනැති මට වැරදුනේ....ඔයා දෙවියන් වගේ අදහන ඔයාගේ ඔය මහ ලොකු බැදීම් ඔයාව ඉන්න තැනිනුත් පහලට දානකොට මම කෑ ගැහුව හින්දා වෙන්නති මට වැරදුනේ...කමක් නෑ...ඒත් ඔයා එකක් දැන ගන්න...එකම එකක්....ඔයාගේ ජීවිතේ දිනවනවා කියපු අයම ඔයාව පබයෙක් වගේ නටවනකොට මට බලන් ඉන්න පුලුවන්කමක් නෑ...මම යන්වා..සදහටම ඔයාගේ ලෝකෙන්...ඔයාගේ ලෝකේ ඉන්න ලොකුම වැරදිකාරයා අද මමවෙලා...කමක් නෑ ඔය ද්වසක දැනගනීවී..ඔව් දැන ගනිවී....ඒත් මම එකම එක දෙයක් ඉල්ලනවා මේ ලෝකේ දෙවියන් කියලා කෙනෙක් ඉන්නවනම්...ඔයාට අද හෙටම අඩන්න සිදිද වෙන්න ඔනේ..ඒ ඔයාගේ ඇස් වල කදුලු මට සතුටක් හින්දා නෙමේ...අද ඔයා ඇඩුවොත් පේන දුරකින් ඉදන් මට ඔයාට උඩව් කරන්න පුලුවන්....ඔයා ආපස්ස හැරිලා බලනකොට ඔයාගේ කදුලු පිහින්න්න මට එන්න පුලුවන්...ඒත් ත්ව බොහෝඅම ටික දව්සකින් මම යාවී...ඔව් සදහටම යාවී...ඔයා හිතුවෙවත් නැති විදියකට මේ හැමදෙයක්ම අත ඇරලා...ඔයාගේ ජීවීතේ ආපහු හැරෙනකොට උදව් කරන්න කෙනෙක් නති වේවී...ඔයා ගොඩක් තනි වේවී....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment