හුග වෙලාවකට පස්සේ හැන්දෑට සිතුවිල්ලක් ආවා...ඒ වෙන කා ගැනවත් නෙමේ..මහ මෙරක් තරම් ආදරේ දන්න...කවම කවදාකවත් කියලා නිම කරන්න බැරි අරුම පුදුම සෙනෙහෙසක් ගැන....ඒ මගේ අම්මා ගැන....ආදරේයි අම්මේ මම...මේ පුන්චි දෝණි ගොඩාක්.....ආදරෙයි අම්මට...
පය වෙව්ලලා වැටෙන්න යනකොට....
නෑ පුතේ උඹට පුලුවන් කිව්වා....
ඇස් රතු වෙනකම් අඩනකොට....
නෑ පුතේ කදුලු හයියක් කිව්වා....
හයියෙන් තරහ යනකොට....
නෑ පුතේ උඹ මගේ කිව්වා....
ඔලුව අතගාලා හෙමිහිට...
පුතේ උඹ මට රජෙක් කිව්වා...
හිතලා බලන්න...
හිගන්නෙක් වුනත්...සල්ලාලයෙක් වුනත්...
රජෙක් කියලා හිතන්නේ...
තමන්ගේ අම්මා විතරමයි...
එහෙව සෙනෙහසකට...
දුකක් දීලා..
කවදාවත් හිනා වෙන්න එපා...
මේ ලොකේ තියෙන්වනම් සෙනෙහසක්...
සදාතනික...
ඒ ඔබේත් මගේත් අම්මාගේ සෙනෙහස විතරමයි....
කව්දාවත් දෙවෙනි තැනට දාන්නා එපා ඒ අම්මාව..

No comments:
Post a Comment