හිත ගාව මුමුණන කවි පද.... කීවාට දොස් නැත ඔබ හට.... පවසන්න සිත් සෙවනට..... දැනුනාම සිත් කවි පද....
Sunday, January 1, 2012
අදටත් මේ හැන්දෑව .....
ගොඩාක් දේවල් හිතේ තිබ්බත්..මොනවා ලියන්නද කියලා හිතා ගන්න බෑ...ලොකු හුස්මක් අරගෙන කිහිප වතාවක්ම...හිතුවත්...තාමත් මේ හැන්දෑව අතරමන් වෙලා...මේ හැන්දෑවේ හිත ගොලු වෙලා ගිහිල්ලා....කොහෙන් කෝම හිතුවත් අන්තිමට මේ හැන්දෑවේ හිත නැවතුනේ ඔයා ගාව....ඔයා නැති එකම සිතුවිල්ලක්...එකම ඇසි පියක් මේ හැන්දෑව තාමත් හොයනවා...ඒත් ඒක තාමත් හීනයක්ම විතරක් වෙලා...අද..හෙට..කවදා හරි එකම එක හැන්දෑවක....ලස්සන හැන්දෑවක් අරන් ඔයා එයි කියලා මේ හැන්දෑව රන් පටින් සැරසිලා මග බලන් ඉන්නවා...පුදුමයි නේද...ඔයා මේ හැන්දෑවේ කවුරුවත් නෙමේ...මේ හැන්දෑවත් ඔයාගේ නෙමේ..ඒත් මේ හැන්දෑව ඔයාවම හොයනවා...ආදරය කියන අකුරු හතර මේ හැන්දෑවේ හිතේ ඔයා තිබ්බේ නෑ...මේ හැන්දෑවත් එහෙමමයි...ඒත් අහසේ තරු ඇවිල්ලා හැන්දෑවට ඔච්චම් කරනකොට...සද ඇවිල්ලා හැන්දෑව හොරා අරන් යනකොට...මේ හැන්දෑවට මතක් වෙන්නේ ඔයාවම විතරයි...අදටත් මේ හැන්දෑව හොයන්වා..ඒ ඇයි කියලා...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment