හිත ගාව මුමුණන කවි පද.... කීවාට දොස් නැත ඔබ හට.... පවසන්න සිත් සෙවනට..... දැනුනාම සිත් කවි පද....
Sunday, January 29, 2012
මම ඔයාගේ විතරමයි...
හිතට සතුට දැනුනාම කොච්චරනම් හිත හිනාවෙනවද......ඒ සතුට ආදරයක්ම
හින්දනම්....හිත තවත් හිනාවෙනවා.....ඇත්තමයි මගේ හිතත් දැන්
හිනාවෙනවා....ඔව් ගොඩාක් සතුටින් පිරිලා මේ හිත...ඒ ඔයාගේ ආදරේ
හින්දමයි.....ඉදල හිටල කදුළක් මේ ඇස් දෙකට ආවත් ඒ දුකට නෙමේ සතුටට.....මහ
මෙරක් තරම් ආදරය කරන කෙනෙක් මට ලැබිලා.....හරියට හීනයක් වගේ.....මගේ ඒ හීනේ
සැබෑ වෙලා....ඔයා මගේ ජීවිතේට ආපු දවසේ ඉදන් ඇත්තමයි මේ ඇස් කදුලු දැක්කේ
දුකට නෙමේ සතුටට....ඉදල හිටලා ඔයා පොඩ්ඩක් සැරවෙනකොට.....මට ගොඩාක් බය
හිතුනත් මම දන්නවා......ඔයා මට නපුරු වෙන්නේ ආදරේට කියලා.....ඒකකයි මම ඒ
නපුරුකමට ආස...ආදරේ....ඔයා මාව තාත්තෙක් වගේ බලාගන්නකොට....මේ අත් දෙකින්
නැතැත් මේ හිතින් මම වැන්දා....ඔයා අයියෙක් වගේ මගේ ලගින් ඉන්නකොට මට
දැනෙන හයිය මගේ මුලු ජීවිතේම හයිය කරනවා....ඇත්තමයි...ඔයාගේ පිස්සු කතා මාව
හිනස්සනකොට ඔයා හරියට පොඩි එකෙක් වගේ...ගොඩාක් ආදරේ හිතෙනවා මට...වෙලාවකට
නපුරු වුනත් ඔයාගේ මුලු ජීවීතේම මම කියල මම දන්නවා...ඒකයි මේ පුන්චි කෙල්ල
ඉදල හිටල ඉරිසියාවට ඔයාට නපුරු වුනත් මහ ගොඩාරියක් ආදරෙයි...මේ ලෝකේ මෙච්චර
සුන්දරයි කියලා මට කියාදුන්නේ ඔයා..මේ තරු මෙච්චර හිනාවෙන්නේ අපි හින්දා
කියලා මම දන්නවා....මේ රෑට පායන සද බලන් ඉන්නෙත් අපි දිහා...ඔව් අපේ ආදරේ
දිහා...ඒ ලස්සන හීන කතා ඔයා මට කියනකොට ඒ හැමදයක්ම හීනම කියල හිතුනත් ඒ හීන
කතා ම්ගේ ජීවිතේ තවත් ලස්සන කරා....හීනයක් වගේ පා වෙවී තිබ්බ මගේ ජීවිතේට
සබෑවක් දුන්නා...ඒකයි මම ඔයාට මෙච්චර ආදරේ...ඒ හීන වලට ඔයාට වගේම
ආදරේ.....දැන් මේ හිනාව කදුල සතුට හැම දෙයක්ම ඔයාගේ ඔව් ඔයාගේ
විතරමයි....මේ අහින්සක කෙල්ල මුලු ජීවීතේම ඔයා වෙනුවෙන් පූජා කලා....ඔයාගේ
ඔය ආදරේට පූජා කරා..මේ ඇස් හිනා වෙන්නේ ඔයා හින්දා...ඔයාගේ ආදරේ
හින්දා...මම දන්නේ නෑ ඇයි ඔයා මට මෙච්චර ආදරේ කියලා...මගේ අහින්සක හිනාව
ඔයාට ගොඩක් වටිනවා කියලා මම දන්නවා...ඒකයි ම්ම හැමදමත් හිනා වෙලා
ඉන්නේ...මගේ කවි වලට ඔයා මට වගේම ආදරෙයි කියලත් ම්ම දන්නවා...ඒකයි මේ හිත
මෙච්චර කවි ලියන්නේ...මේ හැම කවියක්ම ඔයාගේ...මේ කවිකාරිය වගේම...ඒ කවි
කියන්නේ දුක වුනත් සතුට වුනත් ඒ හමදෙම ඔයාගේ...ඔයාගේ හිතින් මගේ හිත්
පන්හිදෙන් ලියන මේ කවි ඔයාගෙමයි...අදටත් හෙටටත් හැමාදාටමත් මම
ඔයාගෙමයි...මේ භවයෙදිත්...ඉපදෙන ඉපදෙන හැම භවකමත් මම ඔයාගේ විතරමයි...
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment