Sunday, January 29, 2012

...I want U..

ජීවිතේට යාලුවෝ හුගක් වටිනවා...ඒක ඔයා වගේම මමත් දන්නවා...කෙලෙක්ගේ කොල්ලෙක්ගේ යාලුකමක් කියන්නේ පවත්ව ගන්න බැරි බැදීමක් කියලා කවදාවත් මම හිතුවේ නෑ.....යාලුකමක් කෙලෙක්ගේ වුනත් කොල්ලෙක්ගේ වුනත් ඒක යාලුකමක් විතරමයි....ඒත් ඒ හැමදෙයක්ම එහෙම වුනේ ඔයා මගේ හිතට එනකන් විතරයි...ජීවිතේ අන්ත අසරණ වෙලා ආදරේන් කෙනෙක්ට පරාද වෙන්න බැරි තරමටම පරාද වෙලා මගේ ජීවිතේ අන්තිම පහත් අඩියටම වැටුන එක මොහොතක ඔයා මගේ ලගට ලන් වුනේ ඇයි කියලා අද මම ඔයාගෙන අහන්නේ නෑ...මම දන්නව ඒකට ඔයා ගාව උත්තර නෑ...මහ ලොකු හුස්මවල් පිට කරලා තාමත් මම මගේ හිත් රවට්ටගන්නවා ඒ ඔයා මගේ හොදම යාලුවා කියලා...ඒක මහ පිස්සුවක් එක වෙලාවකට...ඒත් ඔයාගේ ජීවිතේ විනාශ වෙන්න ඉඩ දෙන්න බෑ...ඔයා ලගින් ඉන්න ආදරේ ඔයාට ඔනේ කියලා මම දන්නනවා...ඒත් ඔයා මේ කොල්ලා විද්වන තරම් මටත් වඩා හොදට දන්නවා...ඔයාට මගේ වෙන්න බැරි හින්දා වෙන කෙනෙක්ගේ වෙලා මගේ ජීවිතේ වැටිලා තිබ්බ්බ තැනටත් වඩා පහලට දැම්මා කියලා මම එකම දශමයක්වත් ඔයා එක්ක තරහ නෑ...ඒ මම ඔයා එක්ක තරහ වෙන්න දන්නේ නැති හින්දා...මම අදටත් දෙවියන්නේන් ඉල්ලන්නේ එකම දෙයයි...ඒ ඔයාගේ සතුට...ඒක විහිලුවක් නෙමේ...ඔයාගේ ඇස් දෙකින් මම අද ජීවිතය දකිනවා..වැරදුන තැනින් ආයේ ජීවිත්යක් පටන් ගන්නවා...මම දන්නවා ඔයා මගේ ලගින්ම ඉන්නවා කියලා...ඔව් ඔයා හැමදාමත් මගේ හොදම යාලුවා...ඒක කවදාවත්ම වෙනස් කරන්න යන්නේ නෑ මම...ඒ මට ඔයාගේ ආදරේ වටිනවා වුනත් ඔයාගේ යාලුකම ඊට වඩා වටින හින්දා...ඇත්ත්මයි ජීවිතේට හොද යාලුවෙක් කියන්නේ කියාගන්න බැරි තරම් හයියක්..ඒ හයිය මේ ඇස් දෙකෙන් අරන් ඔයා යන්නේ නෑ කියලා මම දන්නන්වා..මම අමතක කරන්නම් මම ඔයාට ආදරෙයි  කියන ඒ සිතුවිල්ලා...ඒක කරන්නත් ඔයා මට උදව් කරයි...මගේ ජීවිතේ දිනවන්න උදව් කලා වගේම....I want U..

No comments:

Post a Comment