Sunday, January 8, 2012

ආපස්සට හැරෙන්න් බෑ ආදරේදිත් ජීවීතේදී වගේම..........

ඔයා නැතුව තත්පරයක්වත් ඉන්න බැරි වුන මට දැන් මුලු ජීවිත කාලයක්ම ඉන්න වෙලා.....වරද කාගේ කොහොම වුනත් අඩන්න වෙලා තියෙන්නේ මට.......ජීවීතයේ සමහර දේවල් වෙන්නේ ඇයි කියලා හොයාගන්න මුලු සන්සාරයම මදියි කියලා මම දන්නවා......ඒත් මට එක දෙයක් දැනගන්න ඔනේ........ඔයාගේ ඒ නපුරු ඇස් මට කිව්වේ බොරුද.........නොකියා කියපු ඒ දේවල් ඇත්තටම බොරුවක්ද......ආදරේදී බොරු කරන්න බෑ කියලා දහමක් වගේ අදහපු මට අද ආදරේ කියන්න බොරුවක් විතරක් නේද කියලා ඔයාගෙන අහන්න තරම් ඔයාගේ ඔය නපුරුකම මට උරුම කලා.....ජීවිතය බොරුවක් නෙමෙ ඒ ජීවත් වෙන හින්දා....ආදරයත් බොරුවක් නෙමේ ඒ තාමත් මම ඔයාට ආදරේ හින්දා....අඩන්න ඔනේ තැන් වලදිත් හිනා වෙලා කදුලු ඇස් යටින්ම හන්ගගෙන ඔයාටම ආදරේ කරන හින්දා.....හිනා වෙන්න ඔනේ තැන් වලදී ඔනේවටත් වඩා හිනා වෙලා...ඇස් වලින් කදුලු පනිනකම් හිනා වෙලා ඔව් ඔයාටම ආදරේ කරපු හින්දා....මගේ සතුට දුක මගේ හැමදේම ඔයා හින්දා....හිතේ හන්ගන් ඔයාටම තාමත් ආදරේ කරන හින්දා...මට තාමත් ආදරේ කියන්න්නේ පූජනීය දහමක්....ආදරේ දහම මට කියා දීපු ඒ ඔයා අද පෙනෙන දුරක නැති වුනත් මම තාමත් අදහනවා ඔයාගේ ඒ ආදරය.....ලස්ස්න බොලද වචන නැති වුනත් ඔයාගේ ඒ ආදරේ මගේ ජීවිතේ පදවැලක් කලා....දමින් ලියපු ඒ පද වැල කෑලී කැඩිලා ඔහේ විසිරිල යනකන් ගොලු වෙලා බලන් හිටියේ මගේ ආදරේ බොරුවක් හින්දනම් නෙමෙ....කරකියා ගන්න දෙයක් නැතුව උන් හිටි තැනම ඔහේ හිටවුනේ....ආදරේ නැති හින්දනම් නෙමේ......කවද හරි ඔයා දැන ගනීවී බොරු ආදරයක් දැක දැක...එ ආදරේට ආදරේ කර කර ඒ බොරුවම පතන්න හිතකට කොච්චර අමාරුද කියලා....බොරුවක් වුනත් ආදරයක් දීපු ඔයාට දුකක් දෙන්න මේ පුන්චි හිතට කොමටවත් බෑ...පැත්කට වෙලා බලන් ඉන්න විතරක් මේ හිත මේ ඇස් දෙකට අවසර දුන්නා....මේ හිත හිතට සීමාවක් හොයා ගත්තා....කොහේ කොහොම ඔයා බලන් හිටියත්....මට දහමක් වුන ඔයාට එකම එක වචානයක් වුන ආදරේ කියන්නේ බොරුවක් නෙමේ කියලා ඔයා දවසක දැන ගනීවී.......ඒත් ආපස්සට හැරෙන්න් බෑ ආදරේදිත් ජීවීතේදී වගේම..........

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ~ ආදරනීය අමාලී ~

    < < සුසුමන් නැති රැය .. පාලු අදුරක් සේ .. මැකී ගිය නමුත් .. මගේ ආදරේ > >

    ReplyDelete