Monday, June 25, 2012

ඇත්තටම කවුද ඔයා...

හුග කාලෙකට පස්සේ හැන්දෑවට සිතුවිල්ලක් ඇවිල්ලා....නෑ සිතුවිලක් අරන් හැන්දෑවක් ඇවිල්ලා...ඒත් කොහෙන් පටන් ගෙන කොහොම මේ සිතුවිල්ල අකුරු කරන්නද කියලා තාමත් හැන්දෑවට හිතා ගන්න බැරි වෙලා...ඒත් එක දෙයක් දන්නවා කොහෙන් පටන්ගෙන කොහොම ලිව්වත් ඒ හැන්දෑවේ සිතුවිල්ලේ පෙරවදන පසුවදන හැමදේම ඔයා කියලා...කවුද මේ ඔයා...ඇත්තටම කවුද මේ ඔයා...හැන්දෑවට දුක සතුට මවන ඔයා..ඒ දුක ළග සතුට තියන...සතුට ළග වෙලාවකට දුක තියන ඔයා...වෙලාවකට හැන්දෑව ආදරෙන් පිරිලා ඉතීරීලා යන්න සිතුවිලි දෙන ඔයා...ඒත් වෙලාවකට මුලු හැන්දෑවම විරහවින් දවලා අලුකරලා දාන ඔයා...තවත් වෙලාවකට හැන්දෑව නපුරු කරවන ඔයා..නුහුරු නුපුරුදු සිතුවිලි හැන්දෑව මත මවලා හිනා වෙන ඔයා...ඒ හිනාවේ අග මුල හොයා ගන්න බැරිව ලතවෙන හැන්දෑව අදටත් හොයනවා ඔයා කවුද කියලා..ඇත්තටම කවුද ඔයා... 



සිතක අරුමය..
මවන සිතුවිලි..
කාට අයිතිද...
කාට හිමිවෙද...

Sunday, January 29, 2012

කිරට හඩන කිරිදරුවකු...
ලෙසින් අසරණ විය මා...
ඒ ඔබේ නමින් වග...
ඔබ නොදන්නා මුත්...,
කදුලු සගවා..
මා සිනාසෙන මුත්...
දහසක් හැඩුම් ඇත...
මේ නිරුත්තර හිත යට...,
ඉතින් සිනා නොවෙනු මැන...
මේ දුකට...
පව් පිරෙයි ඔය හිතට...,
ආඩම්බරයෙන් ඔබ කී ඔබෙ හිතට....


නිනව්වක් නැතිවම ඇසි පිය සැලෙනවා..
තව තවත් පියවිලා....,
හිදින්නට හැකිවෙලා...
ඔය සුසුම් තරමටම ලන් වෙලා.....,
අදහා ගන්නත් බෑ....
සිහිනයක් එලි වෙලා....,
ඔබේ සෙනෙහෙ සයුරම...
කිමිදෙන්න මට දීලා..,
හිනැහෙන්න මට ඔනේ...
දෑසෙම කදුලු පිසලා...,
ඔබ ගාව මට දැනෙන...
ආදරය කියවන්න ඔනේ...,
ඔබ ඉන්න මම ගාව...
මේ කදුලු පිසලා....,
හාටුවක් වගේ හිත් සැහැල්ලුවෙන් ඉගිලිලා යනකොට...දැනුන නිදහසට මම ආදරේයි...ඒ නිදහස...ඒ ආදරය මට දැනෙනවා තාමත්....ඔයා දන්නවද...ඒ හැමදෙයක මට දැනෙන්නේ ඔයා ගාවදි විතරමයි....හිනා වෙලා සැහැල්ලුවෙන් ඉන්නේ මම ඔයා ගාවදි විතරමයි...මග දෙමව්පියන් ගාවදි දැනුන රැකවරණය මට අදරත් දැනෙන්නේ ඔයා ගාවදි විතරමයි....ඒ රැකවරණය සෙනෙහස මගේ නේද හැමදාමත්....
පාට දේදුනු හිනාවෙන..
මන්දාරම් අදුරක් නොවූවද...
මොනතරම්නම් ලෙන්ගතුද...
කෙතරම්නම් සෙනෙහෙවන්තද...
තරු හොරැහින්ම ඉගි සදන...
සද ඔච්චමට හාදු තියන...
පිණි ඉසින මේ සිහිලස් රැයේ... අදුරත්.....!!!!!!

ගිනිගෙන දැවෙන ඉරේ ගින්දර....

ගිනිගෙන දැවෙන ඉරේ ගින්දර....
හැමදාමත් මහ මුහුදට දිය කර...
යාවියැයි සිතූ ඉර අදද මුලා වූවා එලෙසම....

හිරු අදත් මිලිනව මා හටම සතු වේයැයි...
සිතූ මහ මුහුදට...
අදත් සතු වූයේ..
සැනසෙන්න පමණමය..
ඒ හිරුගේ එලියෙන්ම...

...I want U..

ජීවිතේට යාලුවෝ හුගක් වටිනවා...ඒක ඔයා වගේම මමත් දන්නවා...කෙලෙක්ගේ කොල්ලෙක්ගේ යාලුකමක් කියන්නේ පවත්ව ගන්න බැරි බැදීමක් කියලා කවදාවත් මම හිතුවේ නෑ.....යාලුකමක් කෙලෙක්ගේ වුනත් කොල්ලෙක්ගේ වුනත් ඒක යාලුකමක් විතරමයි....ඒත් ඒ හැමදෙයක්ම එහෙම වුනේ ඔයා මගේ හිතට එනකන් විතරයි...ජීවිතේ අන්ත අසරණ වෙලා ආදරේන් කෙනෙක්ට පරාද වෙන්න බැරි තරමටම පරාද වෙලා මගේ ජීවිතේ අන්තිම පහත් අඩියටම වැටුන එක මොහොතක ඔයා මගේ ලගට ලන් වුනේ ඇයි කියලා අද මම ඔයාගෙන අහන්නේ නෑ...මම දන්නව ඒකට ඔයා ගාව උත්තර නෑ...මහ ලොකු හුස්මවල් පිට කරලා තාමත් මම මගේ හිත් රවට්ටගන්නවා ඒ ඔයා මගේ හොදම යාලුවා කියලා...ඒක මහ පිස්සුවක් එක වෙලාවකට...ඒත් ඔයාගේ ජීවිතේ විනාශ වෙන්න ඉඩ දෙන්න බෑ...ඔයා ලගින් ඉන්න ආදරේ ඔයාට ඔනේ කියලා මම දන්නනවා...ඒත් ඔයා මේ කොල්ලා විද්වන තරම් මටත් වඩා හොදට දන්නවා...ඔයාට මගේ වෙන්න බැරි හින්දා වෙන කෙනෙක්ගේ වෙලා මගේ ජීවිතේ වැටිලා තිබ්බ්බ තැනටත් වඩා පහලට දැම්මා කියලා මම එකම දශමයක්වත් ඔයා එක්ක තරහ නෑ...ඒ මම ඔයා එක්ක තරහ වෙන්න දන්නේ නැති හින්දා...මම අදටත් දෙවියන්නේන් ඉල්ලන්නේ එකම දෙයයි...ඒ ඔයාගේ සතුට...ඒක විහිලුවක් නෙමේ...ඔයාගේ ඇස් දෙකින් මම අද ජීවිතය දකිනවා..වැරදුන තැනින් ආයේ ජීවිත්යක් පටන් ගන්නවා...මම දන්නවා ඔයා මගේ ලගින්ම ඉන්නවා කියලා...ඔව් ඔයා හැමදාමත් මගේ හොදම යාලුවා...ඒක කවදාවත්ම වෙනස් කරන්න යන්නේ නෑ මම...ඒ මට ඔයාගේ ආදරේ වටිනවා වුනත් ඔයාගේ යාලුකම ඊට වඩා වටින හින්දා...ඇත්ත්මයි ජීවිතේට හොද යාලුවෙක් කියන්නේ කියාගන්න බැරි තරම් හයියක්..ඒ හයිය මේ ඇස් දෙකෙන් අරන් ඔයා යන්නේ නෑ කියලා මම දන්නන්වා..මම අමතක කරන්නම් මම ඔයාට ආදරෙයි  කියන ඒ සිතුවිල්ලා...ඒක කරන්නත් ඔයා මට උදව් කරයි...මගේ ජීවිතේ දිනවන්න උදව් කලා වගේම....I want U..